27 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalඅනියම් සැමියාගේ ආයුධ පහරින් කාන්තාවක් ජීවිතක්ෂයට

අනියම් සැමියාගේ ආයුධ පහරින් කාන්තාවක් ජීවිතක්ෂයට

වෙලගෙදර, ගෝනදෙනිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර පසුව ඔහුද ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

අදාළ කාන්තාවගේ අනියම් සැමියා බවට සැකකෙරෙන පුද්ගලයෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි ගෝනදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
මියගිය කාන්තාව දුව සමග ජීවත්ව ඇති අතර සැමියා හැරදා ගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ සැකකරු ද සිය නිවසට ආසන්න පාළු නිවසක් තුළ දී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

ඔහු 41 හැවිරිදි ගෝනදෙනිය ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වෙලගෙදර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.