29 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නව චක්‍රලේඛයක්

මූල්‍ය නොවන දීමනා සඳහා උපයන විට බදු අයකිරීම සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්. නව චක්‍රලේඛය යටතේ මීට පෙර චක්‍රලේඛවලට අනුව සේවායෝජකයින් විසින් සපයන ලද නිවාස දීමනා, නිල නිවාස, ප්‍රවාහන පහසුකම්, සන්නිවේදන පහසුකම්, දුරකථන දීමනා ඇතුළු තවත් කාණ්ඩ කිහිපයක් සඳහා අය කළ බදු සංශෝධනය කර තිබෙනවා.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් (CGIR) විසින් එම සේවකයෙකුට රැකියාවෙන් ලැබිය යුතු හෝ ලබා ගත යුතු ප්‍රතිලාභ ලෙස ඇතුළත් කළ යුතු මුදල් ප්‍රමාණයන් නියම කර තිබෙනවා. මෙම සංශෝධිත චක්‍රලේඛය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි අනුමත කර ඇත්තේ.

මේ අතර සේවකයින්ගේ ආදායමේ මුදල් නොවන ප්‍රතිලාභ උපයන විට ගෙවන බද්දෙන් නිදහස් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ද තහවුරු කර තිබෙනවා.