― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැඩ වර්ජනය හේතුවෙන් රෝගීන්ට දැඩි පීඩා

වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන්ට දැඩි පීඩා

රජයේ නව බදු සංශෝධනවලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනය තුළ ක්‍රියාත්මක කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති එක්දින වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, බදුල්ල මහ රෝහල මෙන්ම මහනුවර මහා රෝහල ඇතුලු රෝහල් රැසක කටයුතු ද අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

නව බදු සංශෝධනවලට විරෝධය පළකරමින් බැංකු සේවකයින් ද අද විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාජ්‍ය බැංකු අද පෙරවරු 10.30 පමණ වන විට වසා දමා තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ.