― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබෑන් කී මූන් හා කථානායක අතර හමුවක්

බෑන් කී මූන් හා කථානායක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්, ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (Global Green Growth Institute) (GGGI) වත්මන් සභාපති බෑන් කී මූන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා.

පාර්ලිමේන්තුවට පැමිණි බෑන් කී මූන් මහතාව පිළිගනු ලැබුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් විසින්.

ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ (GGGI) සභාපතිවරයා ලෙස බෑන් කී මූන් මහතා මෙහිදී හරිත සංවර්ධනය, තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ අතර කාබන් අවම තිරසාර සංවර්ධනයක් සහිත ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා නව්‍ය හවුල්කාරිත්වයක අවශ්‍යතාවය පෙන්වා දී තිබෙනවා.

දේශපාලනය තුළ ප්‍රතිපත්ති සකස් කිරීමේදී හරිත සංවර්ධන ආකෘතියක් අනුගමනය කිරීමත් ඒ සදහා සඳහා අවශ්‍ය හඬ පාර්ලිමේන්තුව තුළින්ම නැඟිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විෂයට අදාළ නිලධාරීන් අතර පුළුල් දැනුවත්භාවයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් කථානායකවරයා එම ඉලක්කයන් සපුරා ගැනීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී තිබෙනවා.

පැවති සුහද සාකච්ඡාවෙන් අනතුරුව බෑන් කී මූන් මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියොන්ග් මහතා සහ ඝ්ඝ්ඝෛ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෆ්‍රෑන්ක් රිජ්ස්බර්මන් මහතා ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තු සභා ගර්භයේ සංචාරයක ද නිරත වුණා.