― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅනියම් පෙමට උරණ වූ සැමියා සිදු කරපු දේ

අනියම් පෙමට උරණ වූ සැමියා සිදු කරපු දේ

ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ තම බිරිඳගේ සහ තවත් පුද්ගලයෙකුගේ අත් තියුණු ආයුධයකින් කපා දැමීම හේතුවෙන් සැකපිට පුද්ගලයෙක් අද (07දා) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

කැපුම් පහර කෑ අත්අඩංගුවට පත් පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් පෙම්වතායැයි පවසන පුද්ගලයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුලත් කර ඇතිබව පොලීසිය පවසන අතර පවසන අතර ඔවුන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධියෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි. ඇයගේ බිරිඳ එම ප්‍රදේශයේම පදිංචි සැකකරුගේ මිතුරෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට චෝදනා කර වෛරන්කට්ටුව හුදකලා ස්ථානයකදී මෙම පිහි ප්‍රහාරය සිදුකර ඇතිබව පොලීසිය සිදුකළ විමර්ෂණයකදී තහවුරු වී ඇත. සැකරුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.