― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාවේ ජනතා අප්‍රසාදය අඩුම පක්ෂ නායකයා අනුර කුමාර දිසානායක

ශ්‍රී ලංකාවේ ජනතා අප්‍රසාදය අඩුම පක්ෂ නායකයා අනුර කුමාර දිසානායක

2022 වසරේ දෙසැම්බර් 29 වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ නායකයන් අතර ජනතා අප්‍රසාදය අඩුම පක්ෂ නායකයා බවට අනුර කුමාර දිසානායක මහතා පත්ව තිබේ.

ඔහුට ජනතා අප්‍රසාදය සෘණ 31ක් පවතින බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

එසේම අනුරට ඇති ජනතා අප්‍රසාදය පසුගිය සමීක්ෂණයට වඩා අඩුව තිබීම කැපී පෙනෙන සාධකයකි. ඉන් අනතුරුව ජනතා අප්‍රසාදය අඩුම පක්ෂ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබේ. ඔහුගේ අගය සෘණ 38කි.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සෘණ 48ක් ලකුණු හිමිව ඇති අතර ජනතා අප්‍රසාදය වැඩිම පුද්ගලයා බවට තවමත් ගෝඨාභය රාජප්පක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි. ඔහුට සෘණ 72ක ලකුණු හිමිව තිබේ.