25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගමන් කරමින් තිබූ බසයක පිටුපස රෝදය ගැලවී යයි

ගමන් කරමින් තිබූ බසයක පිටුපස රෝදය ගැලවී යයි

නුවරඑළිය සිට නානුඔය දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ පිටුපස රෝදය බසය ධාවනය වෙමින් තිබියදී ගැලවී යාම නිසා රියදුරුගේ උපාය නිසා සිදු වූ දැවැන්ත අනතුරක් වැළකුණා.

ඊයේ පස්වරුවේ නුවරඑළිය – බදුල්ල මාර්ගයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් ධාවනය වූ ලංගම බස් රථයේ පිටුපස රෝදය හදිසියේම ඇක්සලයෙන් ගැලවී ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් රියදුරුගේ දක්‍ෂතාවය නිසා බස් රථය අනතුරකින් තොරව නතර කළ බව දැනගන්නට ඇත.