― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඉන්දියාවේ උසාවි භූමියකට හදිසියේම දිවියෙක් කඩා පනී

ඉන්දියාවේ උසාවි භූමියකට හදිසියේම දිවියෙක් කඩා පනී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගාසියාබාද් උසාවි සංකීර්ණයට දිවියෙකු ඇතුළු වීමෙන් මහත් කලබලයක් ඇති වී තිබේ.

හදිසියේම උසාවි සංකීර්ණයට ඇතුළු වූ මෙම දිවියාගේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ පස්වරුවේයි මෙම දිවියා අධිකරණයේ පළමු මහලට හදිසියේම ඇතුළු වී ඇත්තේ. මේ හේතුවෙන් අධිකරණ පරිශ්‍රයේ නොසන්සුන්තාවක් ඇති විය.

එවිට පොල්ලකින් ආධාරයෙන් දිවියා එළවා දැමූ නීතිඥවරයෙකුට පහර දී ඇති අතර
ඔහු බේරා ගැනීමට ගිය නීතීඥයින් පස් දෙනෙකු සහ බාබර්වරයෙකු ඇතුළු හය දෙනෙකුට දිවියා පහර දී තිබේ.

මෙම තොරතුර ලැබීමත් සමඟ වෛද්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් ගිලන් රථයට පැමිණ දිවියාගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූවන් වහා බේරාගෙන රෝහල්ගත කර ඇත.

දිවියාගේ පහරදීම අධිකරණ භූමියේ තිබූ කැමරාවක සටහන්ව තිබුණා. එබැවින් ඔහු එම ප්‍රදේශයේ සැඟවී සිටින්නට ඇතැයි අධිකරණ කාර්ය මණ්ඩලය බියට පත් විය.

මෙම අවස්ථාවේදී තොරතුරු ලබා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යුහුසුළු වූ අතර දිවියා සෙවීමේ කටයුතුවල නිරත වී ඇථි අතර පැය හතරක සෝදිසි කිරීම්වලින් අනතුරුව දිවියා කොටු වී ඇති බව වාර්තා වේ.