25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාන්තාවන් රවටා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

කාන්තාවන් රවටා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

කාන්තාවකට ලිංගික හැඟීම් අවුලවන වීඩියෝ දර්ශන සහ කෙටි පණිවුඩ යවමින් බලපෑම් සිදුකර මුදල් ලබාගත් පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගැනුණු සැකකරු 44 හැවිරිදි වියේ පසුවන හල්ඔලුව, පල්ලේගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මොහු විසින් තවත් කාන්තාවන් මේ ආකාරයෙන් රැවටීමට ලක්කර අයුතු ලෙස මුදල් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් සිදුකරනු ලබනවා.