වැල්ලවාය, බුත්තල, මොණරාගල ප්‍රදේශවලට භූ කම්පන තත්ත්වයක් බලපා තිබෙනවා.
භූ කම්පන ක්‍රියා සහ සුනාමි සුපරීක්ෂා මධ්‍යස්ථානය වැඩ බලන අධ්යක්ෂ එම්.එම්.ජේ.පී. අජිත් ප්‍රේමා කියාසිටියේ මෙම කම්පනයේ රිකටර් මාපාංකය මෙතෙක් ගණනය කර නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව ද ඔහු සඳහන් කළා.
අද දහවල් 12.15ට පමණ මෙය සිදුවී ඇති අතර එය රික්ටර් මාපාංකයේ සටහන් වී ඇත්තේ ඒකක 3ක් ලෙසටයි.