27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔනේෂ් සුබසිංහගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්

ඔනේෂ් සුබසිංහගේ මරණය ගැන විශේෂ විමර්ශනයක්

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‘ඔපෙක්ස් සමූහ ව්‍යාපාරයේ’ අධිපති ඔනේෂ් සුභසිංහ ඉන්දුනීසියාවේදී අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඔනේෂ් සුභසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පොලිසිය ද මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ. මෙම විමර්ශනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඔනේෂ් සුභසිංහගේ ඝාතනයට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගෙන ඇති බව සඳහන්.

පොලිසිය සැක පළ කරන්නේ ඔහු විවාහා වී සිටි බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරියක වූ තවත් බ්‍රසීල ජාතික කාන්තාවක් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි.

ඝාතනයෙන් පසු බ්‍රසීල ජාතික සැකකාර බිරිඳ සහ ඇගේ මිතුරිය සිව්හැවිරිදි දියණිය ද රැගෙන බ්‍රසීලයට පළාගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔනේෂ් සුභසිංහ සිය බිරිඳ, ඇගේ යෙහෙළිය සහ සිව්හැවිරිදි දියණිය සමඟ ඉන්දුනීසියාවේ චාරිකාවක නිරතව සිටිය දී සුපිරි මහල් නිවාසයක දී අභිරහස් ලෙස ඝාතනය ලක්ව තිබුණා.

මියයන විට ඔනේෂ් සුභසිංහ 41 වැනි වියේ පසු වුණා.