― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාන්තාවන් බහුතරයකට රැකියා කිරීමට නොහැකි වූ තත්ත්වයක් ගැන අනාවරණයක්

කාන්තාවන් බහුතරයකට රැකියා කිරීමට නොහැකි වූ තත්ත්වයක් ගැන අනාවරණයක්

දැරිය හැකි මිලකට විශ්වාසදායක දිවාසුරැකුම් ක්‍රමවේදයන් ළමයින් වෙනුවෙන් නොමැතිවීම නිසා කාන්තාවන් බහුතරයකට රැකියා කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පාර්ලිමේන්තු කාරක සභාවට පවසයි.

ශ්‍රී ලංකාව තුළ ළමයින් සදහා වන දිවාසුරැකුම් මධ්‍යස්ථාන නියාමනය සදහා නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පාර්ලිමේන්තුවේදී පැවසිය. බොහෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානවල ඉහළ මිල ගණන් අයකිරීම, විශ්වසනීයත්වය නොමැතිවීම වැනි කාරණා නිසා මෙරට කාන්තාවන්ට රැකියාවකට යාම ගැටලුවක් වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව අනාවරණය විය.

කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් බොහෝ පිරිසකට රැකියාවන් සදහා යොමුවීමට සිදුව ඇති බවයි.

එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ආයතනික ප්‍රතිපත්ති නොමැතිකම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සමාජයේ පවතින දැඩි සම්මතයන් සහ ස්වාමියාගේ සහය නොමැතිවීම වැනි හේතු නිසා කාන්තාවන්ට රැකියාවක නිරත වීමට බාධා පවතින බව ද මෙහිදී අනාවරණය විය.

කාරක සභාව අමතමින් ගරු. වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියේ දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇතුළු ළමාරක්ෂක සේවා නියාමනය කිරීම සඳහා විධිවිධාන අත්‍යවශ්‍ය බවත්, ඒ පිළිබඳව කමිටුව විසින් සොයා බලන බවත්ය.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් කාරක සභාව හමුවේ ඉදිරිපත් කරන ලද සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ අසාධාරණ වෙනස්කම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ද මෙහිදී සාකච්ඡාවට ගන්නා ලදී.

ඉදිරිපත් කර ඇති යෝජනා පුළුල් බැවින්, යෝජිත පනත් කෙටුම්පත සලකා බැලීම සදහා අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කිරීමටද මෙහිදී තීරණය විය.

තවද, කාන්තාවන් සදහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත යන යෝජිත පනත් කෙටුම්පත්වල ප්‍රගතිය පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව එම පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කළහ.

තවද, 2023 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති මාලාවට අදාළ කෙටුම්පත මාර්තු 08 වන දින එළිදැක්වීමට ද මෙහිදී එකගත්වය පළ විය.

ගරු. (මහාචාර්ය) ජී. එල්. පීරිස්, ගරු. එරාන් වික්‍රමරත්න, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු. මංජුලා දිසානායක, ගරු මුදිතා ප්‍රශාන්ති, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීහු මෙන්ම අදාළ ආයතනවල නියෝජිතයන් පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ