පොලිස් විශේෂ කාර්‍ය බලකා පූගොඩ කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත පූගොඩ පොලිස් වසමේ හොලරියන් ෆාම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (19) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු පූගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.
අත් අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකව හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 390ක් තිබූ බව පොලිසිය පවසයි. සැකකරු වයස අවුරුදු 40ක මණ්ඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පූගොඩ පොලීසිය සිදුකරයි.