ඉදිරි සතිය ඇතුළත බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
උත්සව සමයේ බිත්තර හිඟයක් මතුවිය හැකි බැවින් බිත්තර ආනයනය කළ යුතුව ඇති බවයි ඔහු කියා සිටියේ.
යළිත් වරක් ප්‍රදේශ කිහිපයක බිත්තර හිඟයක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ පවසනවා.
බිත්තර ආනයනයට අවශ්‍ය අවසර ලබා නොදිම සමිබන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.