― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්ධන බවුසරයේ රියැදුරා අසුන මතම ජීවිතක්ෂයට

ඉන්ධන බවුසරයේ රියැදුරා අසුන මතම ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ ඉන්ධන බවුසරයක රියදුරෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් එම රථය අනතුරට ලක්ව තිබෙනවා.

මීරිගම පස්යාල මාර්ගයේ ගමන්ගත් මෙම ඉන්ධන බවුසරයේ රියදුරා හදිසියේ රෝගාතුර වී මිය යාමත් සමග ඔහුගේ පාලනයෙන් ගිලිහුණු බවුසරය අධිබලැති විදුලි රැහැනක ගැටී පොල් ගස් දෙකක් ද පෙරලාගෙන ගෙස් නතර වීම ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් රිය සහායකයා ද තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම බවුසරය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට ඩීසල් රැගෙන කල්මුණේ දක්වා ධාවනය වෙමින් තිබූ එකක් බව සඳහන්.

ඉන්ධන රැගත් තෙල් බවුසරය පදවාගෙන යන අතර වාරයේ රියදුරා එක්වරම රිය සහායක අසුනට ඇද වැටී ඇති අතර ඔහු හෘද රෝගියෙකු බවට ද තොරතුරු අනාවණය වී තිබෙනවා.

රියදුරා තමාගේ අසුනට ඇද වැටීමෙන් පසු රථය අධිබල විදුලි රැහැන් කණුවක ගැටී අනතුරුව පොල් ගස් දෙකක ද ගැටී නතර වූ බවයි රිය සහයකයා ප්‍රකාශ කර ඇත්තේ.

රියදුරා සහ රිය සහයකයා වහාම වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ රියදුරා මිය ගොස් ඇති බවයි.