29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙදරේරුවා සැලසුම් කළ කොල්ලය පොලීසියට මාට්ටු

පෙදරේරුවා සැලසුම් කළ කොල්ලය පොලීසියට මාට්ටු

කොල්ල කන ලද ත්‍රිරෝද රථයකින් ගොස් බණ්ඩාරගම ගැලනිගම බටකැටියේ නිවසක් කොල්ලකෑ හය දෙනාගේ කල්ලියේ පස්දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අතර පෙදරේරුවකු සිටින බවත් ඔහු කොල්ලය සැලසුම් කළ පුද්ගලයා බව පොලිසිය කියයි.

සැකකරුවන් කොල්ල කන ලද රුපියල් ලක්ෂ 25කට ආසන්න රන් ආභරණ , විදුලි උපකරණ ඇතුළු අනෙකුත් භාණ්ඩ සැකකරුවකුගේ නිවසක් පිටුපස වළ දමා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

විදේශගතව මෑතදී පැමිණි නිවෙස් හිමියා සිය බිරිඳ හා දරුවා සමග කතරගම වන්දනාවේ ගොස් ඉකුත් 6 වැනි දින රාත්‍රියේ දී නිවසට පැමිණ මඳ වේලාවක් ගත වෙද්දී කොල්ලකරුවන් තියුණු ආයුධ රැගෙන නිවසට කඩා වැදී එම යුවළගේ අත් පා සහ කට ගැටගසා පැළඳ සිටි රන් ආභරණ විදේශ ගතව පැමිණීමේදී රැගෙන ආ විදුලි උපකරණ ආහාර වර්ග චොකලට් ආදී සියල්ලම ඔහු රැගෙන ආ ගමන් බෑග් වලට අසුරාගෙන පලාගොස් තිබිණි .

එක් කොල්ලකරුවකු නිවෙස් හිමියාට කඩුවක පිටපැත්තෙන් පහර දීමෙන් ඔහුගේ වම් අත ආබාධයකට ලක්වී ඇත.

කොල්ලකරුවන් එම නිවසේ පැය දෙකකට ආසන්න කාලයක් ගත කර තිබු බව පොලිසිය කියයි.