― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණි 44ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණි 44ක් අත්අඩංගුවට

විවිධ මත්ද්‍රව්‍ය වර්ග රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 44 දෙනෙකු ගතවූ දෙදිනක කාලය තුල පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිල සුනඛයෙකුගේ ද සහායෙන් හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදු කළ මෙහෙයුම්වලදීයි මෙම පිරිස අත්අඩංගුවට පත්වී ඇත්තේ.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ යටිබේරිය ප්‍රදේශයේ දී ශ්‍රී පාද වන්දනාකරුවන් පැමිණෙන රථ වාහන පරික්ෂාවක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගත් පිරිසෙන් 20 දෙනකුම අවුරුදු 18ත් 20ත් අතර තරුණයන් බව සඳහන්.අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී පාදය වන්දනා කිරිම සදහා මෙම සති අන්තය තුලදි අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණීමත් සමග නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ දිගු පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

පෙරේදා සවස් කාලයේ සිටම හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණීම සමගයි මෙම තත්වයන් නිර්මාණය වී ඇත්තේ.

මේ හේතුවෙන් ගඟුලතැන්නේ සිට ශ්‍රී පාද මළුව දක්වා දැඩි තදබදයක් පැවති බව ද සඳහන්.

එමෙන්ම වන්දනාකරුවන් රැගෙන විශාල රථ වාහන ප්‍රමාණයක් පැමිණීමත් සමග නල්ලතන්නියේ රථ වාහන නැවතුම්පලවල්වල ඉඩ ප්‍රමාණවත් නොවීමෙන් වාහන නල්ලතන්නියේ සිට මාඋස්සාකැලේ දක්වා මාර්ගයේ නතර කර තිබූ බව සඳහන්.

ශ්‍රී පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්ම කර ඇති අතර විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.