― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅනාරක්ෂිත ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගැනේ

අනාරක්ෂිත ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගැනේ

කුරුණෑගල, විල්ගම්දෙමටව ප්‍රදේශයේ ඉඩමක අනාරක්ෂිත ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (12) අලුයම් කාලයේ මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 58ක පුද්ගලයෙකුගේ සිරුරක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා අනාරක්ෂිත ළිඳ පිහිටි ඉඩමට යාබද නිවසක පදිංචිව සිටි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අදාළ පුද්ගලයා පෙරේදා (10) දහවල් කාලයේ මෙම ඉඩමේ වගාකර තිබූ කහ ගලවා ඇති අතර එම කටයුතු අවසන්ව සවස් කාලයේ නිවාස බලා ගොස් තිබෙනවා.

අනතුරුව එදිනම (10) රාත්‍රී 11.00ට පමණ ඔහු ආලෝකයක් නොමැතිව යළි ඉඩමට ඇතුළු වී ඇති අතර, එහිදී මෙම අනාරක්ෂිත ළිඳට වැටෙන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

නිවසින් පිටත්ව ආ පුද්ගලා පිළිබඳව තොරතුරක් නොමැවීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමටයි අසල්වාසීන් කටයුතු කර ඇත්තේ.

එහිදී අදාළ ළිඳ තුළ බෑගයක් පාවෙමින් තිබෙන දුටු පුද්ගලයෙක් ඒ පිළිබඳව අනෙකුත් පුද්ගලයින් දැනුවත්කර ඇති අතර,පසුව ඔවුන් විසින් අතුරුදන්ව ඇති පුද්ගලයා ළිඳ තුළට වැටී ඇද්ද යන්න සැකය මත ළිඳේ ජලය ඉසීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස ජලය ඉසීමෙන් අනතුරුව ළිඳට වැටී ළිඳ තුළ තිබූ රොන්මඩවල සිරවී තිබිය දී අදාළ පුද්ගලයාගේ මළ සිරුර අද (12) අලුයම් කාලයේ දී සොයාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය දැනුවත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (12) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?