― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබදුල්ල ප්‍රදේශයේ මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක්

බදුල්ල ප්‍රදේශයේ මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක්

බදුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙම ජාවාරම පවත්වාගෙන ගිය ස්ථානය වටලා ඊට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් එක් අයෙකුගෙන් විදේශ රැකියා ලබාදීමට රුපියල් ලක්ෂ තුනහමාරක පමණ මුදලක් අය කර ඇති බව සඳහන්.පුද්ගලයන් රැසකගෙන් මෙලෙස මුදල් වංචා කර ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පුද්ගලයන් විසි දෙනෙකුගෙන් පමණ දැනට පැමිණිලි ඉදිරිපත් වී ඇති බවයි.