යාපනය මහ නගර සභා බෙි ඊ.පී.ඩී.පී නගරික මන්ත්රී නීතිඥ එම.රෙමීඩියස් මහතා 11 දා යාපනය ශික්ෂණ රෝහලේ දි මියගොස් තිබෙනවා.
මීට දින කීපයකට පෙර නගර සභා මන්ත්රීවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි යාපනය පේදුරු කුඩුව ප්රදේශයේ දි සුනඛයෙකු යතුරුපැදියේ ගැටීම නිසා අනතුරකට පත් වුනා.
අනතුරෙන් ඔහු සුළු තුවාල ලබා තිබුණ ද හදිසියේ ම මොළයට රුධිරය වහනය වීම නිසා මරණයට පත්ව තිබෙනවා.
මන්ත්රිවරයා සැළද සිටි හිස් වැසුම් අනතුරක් සමග ගැලවී යාමෙන් පසුව මන්ත්රිවරයා ගේ හිස පාරේ රළු ස්ථානයක ගැටී තිබුනා.