27.2 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔනේෂ්ගේ මරණය ගැන සොයන්න CIDය ඉන්දුනීසියාවට

ඔනේෂ්ගේ මරණය ගැන සොයන්න CIDය ඉන්දුනීසියාවට

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට යාමට නියමිතය.

පසුගිය 02 වැනිදා කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජාකර්තා හී තට්ටු නිවාස සංකීරණයකදී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වී තිබූ අතර මෙම ඝාතනයෙන් පසු ඔනේෂ් සුබසිංහගේ බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ සහයිකාව බව කියන බ්‍රසීල ජාතික කාන්නාව සිව් හැවිරිදි දියණියද රැගෙන එම නිවසින් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අපරාධය ඉන්දුනීසියාවේ සිදුවූවත් මෙම ඝාතනයේ සැළසුමේ පෙර සූදානම ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති බව පෙනී යන බැවින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව ඉදිරි විමර්ශන සඳහා ජාත්‍යාන්තර පොලීසියේද සහය ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.