― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් අනිද්දා සිට

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් අනිද්දා සිට

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම් අනිද්දා (15) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 22, 23 සහ 24 යන දිනවල සිදුකිරීමට නියමිතයි.

එම දිනයන්වලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඉදිරියේ තැපැල් ඡන්දය ලකුණු කිරීමට හැකියාව පවතිනවා.

මේ අතර එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අයදුම්කළ ඡන්ද අයදුම්පත් වලින් අයදුම්පත් 36,000ක සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තාවනවා.

ඒ, ඒවායේ පැවති විවිධ දෝෂ හේතුවෙන්.