පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන සිය පෙම්වතියට පිහි ඇනුමක් සිදුකර ඝාතනය කළ ඇගේ පෙම්වතා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගය නිකුත් කලේය.
ඝාතනය සිදුකරන අවස්ථාවේ සැකකරු හැඳ සිටි ඇඳුම් පැළඳුම්, ඔහු භාවිත කළ ජංගම දුරකථනය, ලේ සාම්පල් ඇතුලු නඩු භාණ්ඩ 11 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තා කැඳවන ලෙස එහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත.