― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක්

ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක්

අප රටේ වගා කටයුතුවල දී රසායනික හා කාබනික පොහොර යොදා ගැනීමේ දී රජයේ ජාතික පොදු පොහොර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අද (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුවේ යෝජනාවක් පරිදි මෙම රාජ්‍ය ජාතික පොදු පොහොර ප්‍රතිපත්තිය සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා 35ක් අද පැවැති සාකච්ඡාවේ දී ජනාධිපති ආහාර සුරක්ෂිතතා කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබීය.

විශේෂයෙන් මෙම වසරේ යල කන්නය තුළ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි නිසා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වශයෙන් යෝජනා ක්‍රියාත්මක කිරීමටත්, මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමටත් මෙම සාකච්ඡාවේ දී තීරණය විය.

කෙසේවුවත් රාජ්‍ය පොහොර ප්‍රතිපත්තියක් සැකසීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත පොහොර නිෂ්පාදන සඳහා පමණක් අනුමැතිය ලබා දීමට පියවර ගත යුතු යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම වී වගාවේ දී රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර යෙදිය යුතු ප්‍රතිශතය පිළිබඳ පැහැදිළි නිර්වචනයක් කෘෂි විශේෂඥයින් වීසින් ඉදිරිපත් කළ යුතු බවත්, එම ප්‍රතිශතය අනුව රටට අවශ්‍ය කාබනික පොහොර හා රසායනික පොහොර ප්‍රමාණයන් පිළිබඳව තීරණය කළ හැකි බව ද මෙහිදී අවධාරණය විය.

කෙසේ වුවත් මෙරට ගොවි ජනතාවට පහසුවන පරිදි පොහොර සැපයීමේ ක්‍රියාදාමය සැකසිය යුතු යැයි කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි නිෂ්පාදන සඳහා ද සාධාරණ මිලක් ලබා දීම සම්බන්ධව ද අවධානය යොමු කරන ලෙස ආහාර සුරක්ෂිතතා කමිටුවට දැනුම් දුන්නේය.

මෙහිදී අදහස් පළ කළ ආචාර්ය සුරේන් බටගොඩ මහතා මෙරට පොහොර වෙළෙඳපොල යනු රුපියල් බිලියන 150ක වෙළෙදපොළක් බවත් එමනිසා පොහොර නිෂ්පාදන හා බෙදාහැරීමේ දේශීය සමාගම් ආරක්ෂා කර ගැනීමටත් පියවර ගත යුතු බව අවධාරණය කළේය.