― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමැතිසබය ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

මැතිසබය ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ නව සභාවාර‍යට අදාළ පළමු රැස්වීමේදී මේ බව තීරණය වී තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 21 වැනිදා ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ අංක 2245/29 , 2248/36, 2248/37 සහ 2258/14 යන ගැසට් පත්‍රවල පළකළ නියෝග 04ක් සහ සමාගම් පනත යටතේ අංක 2303/07 දරණ ගැසට් පත්‍රයේ පළකළ නියෝගය විවාදයට ගැනීමට නියමිතයි.

පෙබරවාරි 22 වැනි බදාදා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2299/46 සහ 2299/47 දරණ ගැසට් පත්‍රවල සදහන් නියෝග දෙකක් විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

පෙබරවාරි 23 වැනි බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2309/40, 2311/08 සහ 2311/18 දරණ ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසි ත්‍රිත්වයක් මෙන්ම සුරාබදු ආඥා පනත යටතේ අංක 2290/24 ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය ද විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බවද මහලේකම්වරයා පැවසුවා.

ඉන්පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉන්ජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සහ රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත්කෙ ටුම්පත දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

පෙබරවාරි 24 වැනි සිකුරාදා වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු සදහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි.