29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුරාබදු පනත සංශෝධනය කෙරේ

සුරාබදු පනත සංශෝධනය කෙරේ

නව සුරාබදු පනතක් ගෙන ඒමට අමාත්‍යමණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අද (14) පෙරවරුවේ පැවති අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඒ පිළිබඳව දැනුම් දුන්නා.

මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිත කෙරෙන ආඥා පනත 1912 වර්ෂයේ දී හඳුන්වා දෙනු ලැබුවා.

ඒ අනුව එය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට ඒ අනුව කටයුතු කරන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.