31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවකුගඩු ජාවාරමේ සැකකරුවන් යළි රිමාන්ඩ්

වකුගඩු ජාවාරමේ සැකකරුවන් යළි රිමාන්ඩ්

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් මුල් කරගෙන සිදු කළ වකුගඩු ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු ලබන 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්, රජින්දා ජයසූරිය මහත්මිය නියෝග කළේ, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමටයි.

අද (14) යළි රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර අදාළ පෞද්ගලික රෝහලේ සේවකයකු , වකුගඩු ජාවාරම සඳහා අවශ්‍ය ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික ලබාදුන් ග්‍රාම නිලධාරීවරයෙකු ද වේ.

මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදු කළ මිනිස් ජාවාරමක් බැවින් මේ සඳහා සම්බන්ධ සියලු දෙනා ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කර නීතිමය පියවර ගන්නා ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට පෙන්වා දී තිබේ.