― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහ රෑ බස් රථය පණ ගන්වාගෙන පෙම්වතිය බලන්න ගිය කොන්දොස්තර

මහ රෑ බස් රථය පණ ගන්වාගෙන පෙම්වතිය බලන්න ගිය කොන්දොස්තර

හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රියේ ගාල්කර තිබූ ලංගම බස් රථයක් රියදුරු පිටව ගිය පසු එහි කොන්දොස්තරවරයා පෙම්වතිය බැලීමට කිලෝ මීටර් 09ක පමණ දුරක් බස් රථය පදවාගෙන ගොස් ආපසු එමින් සිටියදී අනතුරකට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුර ලක්ව ඇත්තේ රඹුක්කන ඩිපෝවට අයත් බස් රථයක් බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවීමෙන් පසු කොන්දොස්තරවරයා බස් රථය හතරලියද්ද බස් නැවතුම දක්වා පදවාගෙන පැමිණ කිසිවක් සිදු නොවූ ආකාරයෙන් එය ගාල් කර පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

රඹුක්කන – හතරලියද්ද මාර්ගයේ ධාවනය වන එම බස් රථය රාත්‍රියේ ගාල්කර තබන්නේ හතරලියද්ද බස් නැවතුමේ බව සඳහන්. දිනපතා බස් රථය එලෙස ගාල්කිරීමෙන් අනතුරුව රියැදුරු ඒ ආසන්නයේ පිහිටි තම නිවස බලා පිටව යන අතර කොන්දොස්තරවරයා බස් රථයේ ම රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

පසුගියදා රාත්‍රියේ කොන්දොස්තරවරයා බස් රථයෙන් කැබැල්ලවත්ත ප්‍රදේශයට ගොස් සිය පෙම්වතිය හමු වී යළි පැමිණෙමින් සිටියදී බස් රථය මෙලෙස අනතුරට පත් ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.