27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝගම්බර බන්ධනාගාරය සංචාරක ස්ථානයක් කිරීමට පියවර

බෝගම්බර බන්ධනාගාරය සංචාරක ස්ථානයක් කිරීමට පියවර

ලෝක උරුම මහනුවර නගරයේ වැදගත්, ඓතිහාසික ගොඩනැගිල්ලක් ලෙස සැලකෙන බෝගම්බර බන්ධනාගාරය සංස්කෘතික ආකර්ෂණයට බලපෑමක් නොවන අයුරින් සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මස 18 වැනිදා බෝගම්බර බන්ධනාගාර සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතර එහිදී බන්ධනාගාර ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

බන්ධනාගාරය නවීකරණය කර සංචාරක ස්ථානයක් බවට පත් කිරීම, පෞරාණිකත්වය ආරක්ෂා කිරීම සහ නේවාසිකාගාර සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.