― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldනව උපත් පාලන ඖෂධයක් ඇමරිකාව සාර්ථකව අත්හදා බලයි

නව උපත් පාලන ඖෂධයක් ඇමරිකාව සාර්ථකව අත්හදා බලයි

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග නව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පිරිමි පාර්ශ්වයට ලබා දෙන නව උපත් පාලන ඖෂධයක් සත්ත්වයින් යොදා ගනිමින් සාර්ථකව අත්හදා බැලීමට ඇමරිකාව එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයට හැකිව තිබෙනවා.

පිරිමි පාර්ශ්වයට ලබා දෙන මෙම නව ඖෂධය කිසිදු හෝමෝන ක්‍රියාකාරීත්වයකට බලපෑම් එල්ල නොවන අතර එමගින් සිදුවන්නේ ශුකාණුවල පිහිනා යාමේ හැකියාව සීමා කිරීමයි.

මෙම ඖෂධය ලබාගත් මොහොතේ සිට පැය 3ක පමණ කාලයක් සක්‍රියව ඵලදායි ලෙස පවතින බවයි නව අධ්‍යයනයවලින් හඳුනා ගෙන ඇත්තේ.

ඉදිරියේදී තවදුරටත් අත්හදා බැලීම් කිහිපයකින් පසු ජනතාව වෙත මෙම නව ඖෂධය හඳුන්වාදීමට නියමිතයි. කෙසේවෙතත් මෙම නව ඖෂධ ක්‍රමය මගින් ලිංගාශ්‍රිත රෝග සඳහා කිසිදු ආරක්ෂාවක් සැපයෙන්නේ නැහැ.