― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගම්පොළ මුදල් තැන්පතු යන්ත්‍රය ඉස්සූ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ගම්පොළ මුදල් තැන්පතු යන්ත්‍රය ඉස්සූ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ආයුධ සන්නද්ධව ගම්පොල නගරයේ පුද්ගලික බැංකුවකට කඩා වැදී එහි තිබූ රුපියල් හැත්තෑ හය ලක්ෂයක් අඩංගු මුදල් තැන්පතු යන්ත්‍රය පැහැර ගෙන සැකකරුවන් 7 දෙනාගෙන් 6 දෙනෙකු පැය 48 රඳවා ප්‍රශ්න කිරීමට ගම්පොල ප්‍රධාන මහේස්ත්‍රාත් අද පොලිසිය අවසර ලබාදී තිබෙනවා.

සැකකරුවන් හත් දෙනා අතර එකම පවුලේ නිවුන්නු සහෝදරයන් දෙදෙනකු ද සිටින බවයි පොලිසිය පවසන්නේ.

කොල්ලකන ලද මුදල්වලින් රුපියල් 18,70,000ක් හා ඔවුන් එම මුදල්වලින් මිලදී ගත් වෑන් රථයක්, යතුරුපැදියක්, රන් මාල දෙකක්, රන් මුදුවක්,ජංගම දුරකථන තුනක් ඇතුළු භාණ්ඩ රැසක් ද සොයාගෙන පොලිසිය සොයාගෙන තිබෙනවා.

සොරකම් කරණ ලද යන්ත්‍රය ගලහා හාල්වත්ත ප්‍රදේශයේ ගල්වළක් ආසන්නයේ මීටර් 100ක පමණ ප්‍රපාතයට දමා තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු පුත්තලම ප්‍රදේශයේදීත් තවත් දෙදෙනෙකු ගම්පොළ ප්‍රදේශයේදී සහ අනෙක් තුන්දෙනා දෙල්තොට හා ගලහ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැණුනා.

මෙම කොල්ලකෑම සඳහා යොදාගත් පිස්තෝලය මෙහි ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර එම ගිනි අවිය පසුගිය වසරේ අරගල සමයේදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතාගේ නිවස ගිනි තැබීමේදී සොරකම් කරන ලද එකක් බව පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.

මෙම බැංකු මංකොල්ලය පසුගිය ජනවාරි මස 24 දින අලූයම එකට පමණ සිදුව තිබුණා.

මේ සඳහා පැමිණ තිබූ සුඛෝපභෝගී වෑන් රථය හා රියදුරු ද අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙම මංකොල්ලකරුවන් එම වෑන් රථය කුලී පදනම මත රැගෙන ඇති බවත් මෙම මංකොල්ලයට සම්බන්ධ නොමැති බවයි.

මෙම පුද්ගලයන් දෙසැම්බර් මස 6 වනදා ගලහ ප්‍රදේශයේ පිහිටි සමෘද්ධි බැංකුවක් කඩා මුදල් සෙප්පුව රැගෙන යාමට උත්සාහ කර ඇති අතර එය සොරකම් කිරීමට නොහැකි වීම හේතුවෙන් එම බැංකුවේ තිබූ ප්‍රොජෙක්ටර් යන්ත්‍ර දෙකක් සොරාගෙන ගොස් තිබූ බවට ද හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙම සැකකරුවන් පිරිස ගලහ ප්‍රදේශයේ ස්වර්ණාභරණ මධ්‍යස්ථාන දෙකක් බිඳ දේපළ සොරාගෙන ඇති බවට ද හෙළිවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරුවන් සිදු කර ඇති මෙම අපරාධවලට අදාළ දේපළ සොයා ගැනීමට මෙන්ම මෙම සැකකරුවන් තවත් අපරාධ සිදු කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර විමර්ශනවලට අදාළවයි පොලිසිය අධිකරණයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ.

මෙම සැකකරුවන් හත්දෙනා අතුරින් එක් අයෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.