― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලි ගාස්තු සංශෝධනයත් සමඟ පාර්ශව කිහිපයකට සහන දෙන ලෙස ජනපතිගෙන් උපදෙස්

විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ පාර්ශව කිහිපයකට සහන දෙන ලෙස ජනපතිගෙන් උපදෙස්

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග පාර්ශව කිහිපයක් වෙනුවෙන් සහන ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට මෙන්ම අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග, විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම, අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දෙන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.