27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කොමිසමෙන් විශේෂ පණිවිඩයක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ පණිවිඩයක්

මීට පෙර කිසිදු අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබාදෙන ලෙසට රජයේ මුද්‍රණාලය විසින් ඉල්ලීමක් සිදුකර නොමැති බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.

රජයේ මුද්‍රණ කටයුතු සිදුකිරීමට ඔවුන් බැඳී සිටින බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මැතිවරණය යනු රජයේ ක්‍රියාවලියක් බැවින් ඊට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීම අනිවාර්ය කරුණක් බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ එබැවින් මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මුදල් ඉල්ලා සිටීම අනුමත ක්‍රියාවක් නොවන බව එම කොමිසම සඳහන් කළා.