― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි

කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නිකුත් කර තිබෙන විදේශ ගමන් තහනම දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම විදේශ ගමන් තහනම දීර්ඝ කරනු ලැබුවේ.

මෙම පුද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් කබ්රාල් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය අප්‍රේල් මස 6 වනදා ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරයා නිවේදනය කළා.

එතෙක් විදේශ ගමන් තහනම දීර්ඝ කරන බවත් නියෝගයේ සඳහන් වුණා.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.