27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිගම පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක්

වැලිගම පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක්

වයස අවුරුදු 10 දැරියක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවකට සැකපිට වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16 ) වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

වැලිගම කොළේදණ්ඩ ප්‍රදේශයේ පදිංචි දැරිය උපකාරක පන්තියට යමින් සිටියදී තරුණයන් හතර දෙනෙකු විසින් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කොට තිබුණේ මීට දින කිහිපයකට පෙරයි.

මෙම සිද්ධියට අදාලව වයස අවුරුදු 20ක පමණ ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු වැලිගම පොලිසිය මගින් ඊයේ (15 ) පස්වරුවේදි පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් නිදහස් කරන ලෙසත් අපරාධයට සම්බන්ධ නිවැරදි සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසටත් බලකරමින් අද (16 ) පෙරවරුවේදී වැලිගම මූලස්ථාන පොලීසිය ඉදිරිපිට රැස්වූ තරුණයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වූ බව සඳහන්.

වැලිගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියකු පවසා සිටියේ අපයෝජනයට ලක්වූ දැරියගේ දෙමව්පියන් විසින් සිදු කළ පැමිණිල්ලක් මත සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කල බවයි.

අදාල දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කල බවත් ඔහු පැවසුවා.