― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලබන මාසෙත් අයි.එම්.එෆ් ණය නැහැ?

ලබන මාසෙත් අයි.එම්.එෆ් ණය නැහැ?

චීනය තවමත් ශ්‍රී ලංකාවට සහාය දක්වා නොමැති නිසා ලබන මස පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ද මෙරට බලාපොරොත්තු කඩ වීමට අවස්ථාවක් තිබෙන බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් පෙන්වා දී තිබේ.

ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට ශ්‍රී ලංකාවට දීර්ඝ කාලයක් ගත කළ නොහැකි බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත.ශ්‍රී ලංකාව, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක්  වසර 4 ක කාලය තුළ වාරික 8 කින් අපේක්ෂා කරන බව එම පුවත්පත පෙන්වා දී තිබේ.

තවද මූල්‍ය අරමුදලේ ණය මුදල නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නුදුරේදීම තවත් කඩා වැටීමට ඉඩ තිබෙන බව පුවත්පත පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම්ව ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා සහාය ලබා දී ඇති නමුත් චීනය තවමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ අත්හිටුවීමේ කාල සීමාව සම්බන්ධයෙන් වෙනස් අදහසක සිටින බව  “ද හින්දුස්ථාන් ටයිම්ස්” පුවත්පත වාර්තා කර ඇත.

පසුගිය අවුරුදු සීයක කාලය තුළ ශ්‍රී ලංකා දේශපාලනඥයන්ගේ ප්‍රියතම දේශපාලන නවාතැන චීනය බවත් ඉන්දියාව ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට තවමත් ශ්‍රී ලංකාව පිළිතුරක් ලබා දී නොමැති බවත් “ද හින්දුස්ථාන් ටයිම්ස්” පුවත්පත සඳහන් කර ඇත. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න සහායක් ඉන්දියාව ලබා දුන් බවත්  “ද හින්දුස්ථාන් ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබේ.