28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුරුණෑගල ATM කොල්ලයේ සැකකරු පොලිසියට මාට්ටු

කුරුණෑගල ATM කොල්ලයේ සැකකරු පොලිසියට මාට්ටු

කුරුණෑගල ගැට්ටුවාන දුම්රිය පොළ ආසන්නයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය කඩා රුපියල් කෝටියකට ආසන්න මුදලක් කොල්ල කෑ පුද්ගලයා බිංගිරිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.

සැකකරු සමග සොරා ගත් මුදලින් රුපියල් ලක්ෂ 55ක් පමණ මුදලක් පොලිස් බාරයට ගෙන ඇත.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ පදිංචි කරුවකු වන 33 හැවිරිදි සැකකරු කලක් ඒ.ටී.එම්.යන්ත්‍ර අලුත්වැඩියා සමාගමක රියැදුරකු ලෙස සේවය කර ඇතැයි ද පරීක්ෂණවලින් අනාරළුය වී ඇත.