― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම් කර පිළිකා රෝගීන්ට අලෙවිකළ සැකකරු රිමාන්ඩ්

අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම් කර පිළිකා රෝගීන්ට අලෙවිකළ සැකකරු රිමාන්ඩ්

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම් කර පිළිකා රෝගීන්ට අලෙවි කළසැකකරුවෙකු ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ එම රෝහලෙන් සොරකම් කර පිළිකා රෝගීන්ට රුපියල් විසි දහසක මුදලකට අලෙවි කිරීම සම්බන්ධයෙනුයි අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණේ.

පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට මෙම ඖෂධය හිඟයක් ඇති බව පවසමින් රුපියල් 22000ක මුදලකට විකිණීමට එකඟවී පසුව එය රුපියල් 21000 මුදලකට විකිණීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව නිලධාරීන් විසින් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී රුපියල් 425970ක මුදලක් සහ මෙම වර්ගයේ තවත් ඖෂධ තොගයක් ද සොයාගත් බව අධිකරණයට දැනුම් දුන්නා.

නිවසින් සොයාගත් එම ඖෂධ තොගය රාජ්‍ය ලාංඡනය සහිත පෙට්ටිවල අසුරා තිබූ බවත් එම ලාංජනය මෙම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ශීලීන් විසින් පරිත්‍යාග කරනු ලබන ඖෂධ සඳහා යොදනු ලබන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.