― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ කාන්තාවක් සහ අනියම් සැමියා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ කාන්තාවක් සහ අනියම් සැමියා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සැමියාගේ මිතුරා සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් හෙරොයින් ජාවාරමේ යෙදුණු තරුණ කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය යි අද (16) සවස මෙම නියෝගය ලබාදුන්නේ.

හෙරොයින් මිලිග්‍රෑම් 4550ක් සමග කටුනායක පොලිසිය මගින් මෙම සැකකාරිය සහ සැකකරු කටුනායක, කෝවින්න ප්‍රදේශයේ නවාතැන් පොලක දී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

මෙම සැකකාරිය සීදූව ජයවර්ධනපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරු ආඬිඅම්බලම සරණතිස්ස මාවතේ පදිංචිකරුවෙක්.

ඔවුන් දෙදෙනා තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇතැයි ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන තරුණ යුවළක් පදිංචිව සිටින අතර එම කාමරයට තරුණ පිරිස් නිතර නිතර යන එන බවට කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුණා.

ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යොදවා කළ සොයා බැලීමේදී අනාවරණ වී ඇත්තේ සැකකාර යුවළ කුඩා පැකට් ලෙස සකසා හෙරොයින් කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන සේවක සේවිකාවන්ට අලෙවි කරන බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.