― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහිටපු ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වන බන්දුල බස්නායක මහතා අද (16) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වීතිබෙනවා.

කලක සිට පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යි ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසු වුණා.

1980 දශකයේ දේශපාලනයට පිවිසි බන්දුල බස්නායක මහතා 1994-2000 කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

2004-2010 අතර කාලයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරයා පරිසර හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති අතර, ඔහු කැබිනට් නොවන ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

හිටපු අමාත්‍ය බන්දුල බස්නායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 19 වන දින ගල්ගමුවේදී සිදුකිරීමට නියමිතයි.