― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකිරි, යෝගට් හා මස් මිල දෙගුණයකින් ඉහළට

කිරි, යෝගට් හා මස් මිල දෙගුණයකින් ඉහළට

කිරි, යෝගට් සහ මස් ඇතුළු සියලු නිෂ්පාදනවල මිල දෙගුණයකින් ඉහළ දැමීමට සිදුවන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුව පවසයි.

ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැදවුම්කරු සුජීව ධම්මික මේ බව පැවසුවේ අද (17) ගොවිගෙදර මූලස්ථානයේදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඊට හේතුව ලෙස ඔවුන් පවසන්නේ විදුලි බිල සියයට 66කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදු වූ බවයි.

සත්ව නිෂ්පාදකයින්ට ශීතකරණ සහ අධිශීතකරණ භාවිතා කිරීමට සිදුවන බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමග තම නිෂ්පාදන ශීතකරණවල තබා ගැනීමට විශාල වියදමක් දැරීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළය යාමත් එක්ක. නිෂ්පාදකයා තම නිෂ්පාදනය සියයට 66 කින් ඉහළ දානවා. එතකොට තොග වෙළෙන්දා ද සියයට 66කින් ඉහළ දානවා. එම නිෂ්පාදනය සිල්ලර වෙළෙඳා ළඟට එනකොට 98%කින් මිල ඉහළ යනවා.