― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින්

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින්

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ඊයේ (17) දිනයෙන් අවසන් වුණා.

ඒ අනුව ප්‍රශ්න පත්‍රවලට අදාල පිළිතුරු පත්‍ර අද (18) දිනයේ විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිතව ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සී.ඒ.ජයසුන්දර සඳහන් කළේ.

එම පිළිතුරු පත්‍ර කඩිනමින් ඇගැයීම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ. 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග පසුගිය මස 23 වැනිදා ආරම්භ වුණා.

මේ අතර උසස් පෙළ විභාගය වෙනුවෙන් නිවාඩු ලබා දුන් සියලු පාසල් තෙවන වාරය සඳහා ලබන සඳුදා (20) විවෘත කෙරෙනවා.