― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගල්අඟුරු නෞකා 36ක් ගෙන්වීමට සැලසුමක්

ගල්අඟුරු නෞකා 36ක් ගෙන්වීමට සැලසුමක්

මේ වන විට ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ කියා සිටියේ 12 වන නෞකාවේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර 13 වන නෞකාවේ ගොඩබෑම් කටයුතු හෙට (19) දිනයේ ආරම්භ කරන බවයි.

එමෙන්ම ගල්අඟුරු නෞකා 36ක් මෙරටට ගෙන්වීම සඳහා සැලසුම් සකස් කර ඇති බවත් ලබන සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය ගල්අඟුරු සමාගම සතුව පවතින බවත් හෙතෙම සඳහන් කළේය.