― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොරියාවෙන් ඇමරිකානු ඩොලර් 612,039ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

කොරියාවෙන් ඇමරිකානු ඩොලර් 612,039ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

වෛද්‍ය උපකරණයන්හි නිරවද්‍යතාවය, ක්‍රමාංකනය හා පරීක්ෂා කිරීම සඳහා වන උපකරණ කට්ටල ඇමරිකානු ඩොලර් 612,039ක තොගයක් කොරියානු සංවිධානයක් වන KOFIH (Korean Foundation of International Healthcare) සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම උපකරණ තොගය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන් ජින් ජියෝං (Woonjin Jeong) මහතා හා KOFIH සංවිධානයේ සභාපති Chung Yu King මහතා විසින් ඊයේ(17) නිල වශයෙන් භාර දෙනු ලැබීය.

රෝහල් වල ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, රසායනාගාර ආදියෙහි භාවිත කරන විවිධ උපකරණ වල පාඨාංක ක්‍රමාංකනයට හා ක්‍රියාවලියන්හි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට මෙම උපකරණ භාවිත වේ.

මෙලෙස ප්‍රදානය කෙරුණු උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකය වෙත භාර දුන් අතර, අදාළ උපකරණ අත්‍යාවශ්‍යතාව මත ඉංජිනේරු සේවා ඒකක සහිත දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් වෙත ලබා දීමට නියමිතය.