එළවළු මිල ගණන්වල අඩුවීමක් (බෝංචි, මාළුමිරිස් හැර) තවදුරටත් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන පවසයි.
ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි කිලෝවක තොග මිල රුපියල් 300 – 400 ත් අතර මිලක් ද, කැරට් රුපියල් 120 ත් – 220 ත් අතර මිලකින් ද අලෙවි වේ.
ලීක්ස් මිල ද රුපියල් 240 ට අඩු මට්ටමක පැවති අතර සති අන්තයේ ආර්ථික මධ්‍යස්ථානවල මාළුමිරිස් මිල සටහන් වුයේ රුපියල් 400 ත් 550 ත් අතර අගයක ය.