30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඖෂධ වර්ග කිහිපයක් සඳහා පාලන මිලක්

ඖෂධ වර්ග කිහිපයක් සඳහා පාලන මිලක්

හඳුනාගත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍ය ‍කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව තමන් වෙත භාරදෙන ලෙස උපදෙස් දී ඇතැයි, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ය.

දියවැඩියාව, හෘද රෝග ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සඳහා එලෙස පාලන මිලක් හඳුන්වාදීමට නියමිතය.

දිගින් දිගටම වෙළෙඳ පොලේ පවතින ඖෂධ මිල ගණන් ඉහළ යාම සැළකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.