― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජල විදුලි බලාගාරයක විදුලි උත්පාදනය තාවකාලිකව නවතී

ජල විදුලි බලාගාරයක විදුලි උත්පාදනය තාවකාලිකව නවතී

ගිනිගත්හේන පොල්පිටිය සමනළ ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර තිබෙනවා.

එම ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවරයෙකු සඳහන් කළේ විදුලි උත්පාදක යන්ත්‍රවල සිදු කරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ (18) දින සිට බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති බවයි.

සමනළ ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 75ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන අතර, ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් ජල විදුලි උත්පාදනය සදහා ලබා ගන්නා ජලය ලක්ෂපාන පොකුණු ජලාශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ සමනළ ජල විදුලි බලාගාරය වෙත රැගෙන යනු ලබනවා.

සමනළ ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති නිසා ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු එම ජලය කැළණි ගඟට මුදා හැරීමට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.