― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිධන් හෑරූ හිමිනමක් ඇතුලු 8ක් අත්අඩංගුවට

නිධන් හෑරූ හිමිනමක් ඇතුලු 8ක් අත්අඩංගුවට

කරුවලගස්වැව මෙගොඩවැව ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි හිමිනමක් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු අද (19) දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් සහ තවත් පිරිසක්.

එම සැකකරුවන්ගෙන් 4 දෙනෙකු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් තුන් දෙනා ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් වයස අවුරුදු 22ත් 48ත් අතර පසුවන්නන් බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් ඊයේ (18) රාත්‍රී මෙගොඩවැව ප්‍රදේශයට පැමිණ ඇති අතර එහි නිවසක් පිටුපස පිහිටි ගල්තලාවක මෙම නිධානය හාර ඇති බව සඳහන්.

අද (19) උදෑසන වන විටත් හිමිනම ඇතුළු පිරිස නිධානය හාරමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ වන විට සැකකරුවන් අඩි 5ක් පමණ ගැඹුරට පොළොව හාරා තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී නිධන් හෑරීමට භාවිතා කළ උදළු දෙකක්, යකඩ ඉණි දෙකක්, ඇතුළු භාණ්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් හෙට (20) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.