― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමල්වතු සහ අස්ගිරි ස්වාමීන්වහන්සේලා සමඟ ජනපති විශේෂ සාකච්ඡාවක්

මල්වතු සහ අස්ගිරි ස්වාමීන්වහන්සේලා සමඟ ජනපති විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවන්හි ස්වාමීන්වහන්සේලා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එහිදී පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බවට මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා කළ යෝජනාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ස්වාමින් වහන්සේලාට විනය ක්‍රියාත්මක කිරීමේ දී ආයතනික විනයට අමතරව අදාළ නිකාය විනයට ද අවනත වන පරිදි සිදුකිරීමට අවශ්‍ය නීති වෙනස් කරන බව ජනපතිවරයා මෙහිදී පවසා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභාවන්හි ස්වාමීන් වහන්සේලා කළ ඇරයුම ජනාධිපතිවරයා පිළිගත් බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියා.