― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකෞතුක වස්තු සොරකමකට හිමිනමක් ඇතුළු 3 දෙනෙක් අත්අඩංගුවට

කෞතුක වස්තු සොරකමකට හිමිනමක් ඇතුළු 3 දෙනෙක් අත්අඩංගුවට

බෙන්තොට, යාත්‍රාමුල්ල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක තිබූ කෞතුක වස්තු සොරකම් කිරීමේ සිද්ධියකට හිමිනමක් සමඟ දෙදෙනෙකු අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේම වැඩවිසූ හිමිනමක් බවයි වාර්තා වන්නේ.

විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කරන තිබූ ඉපැරණි බුද්ධ ප්‍රතිමා 04ක්, තඹ කාසි, රිදී හවඩියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් මොවුන් විසින් මෙලෙස සොරකම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.