22.8 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෞතුක වස්තු සොරකමකට හිමිනමක් ඇතුළු 3 දෙනෙක් අත්අඩංගුවට

කෞතුක වස්තු සොරකමකට හිමිනමක් ඇතුළු 3 දෙනෙක් අත්අඩංගුවට

බෙන්තොට, යාත්‍රාමුල්ල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක තිබූ කෞතුක වස්තු සොරකම් කිරීමේ සිද්ධියකට හිමිනමක් සමඟ දෙදෙනෙකු අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේම වැඩවිසූ හිමිනමක් බවයි වාර්තා වන්නේ.

විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කරන තිබූ ඉපැරණි බුද්ධ ප්‍රතිමා 04ක්, තඹ කාසි, රිදී හවඩියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් මොවුන් විසින් මෙලෙස සොරකම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.